Oba Ma Hamu Vu @ Tone Poem with Keerthi Pasquel & Nadeeka Guruge


මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ… ඔබ මා හමු වූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඇගේ ආදරේක වේදනා දැනේ කෙතරම් දවසක්‌ මා ඉන්නදෝ මේ වගේ දුකක්‌ සිතේ දරා සුළඟේ සැඟවී මා එන්නදෝ මාගේ ප්‍රියා වී සොයා… මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා මට හොරා වගේ මගේ සිත කොහේ ගියා මාව හැරදමා මසිත ඔබ සොයා ගියා අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ… ඔබ මා හමු වූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඇගේ ආදරේක වේදනා රැඳේ කෙතරම් දවසක්‌ මා ඉන්නදෝ මේ වගේ දුකක්‌ සිතේ දරා සුළඟේ සැඟවී මා එන්නදෝ මාගේ ප්‍රියා වී සොයා… වාළුකා තලේ සීත දිය බිඳක්‌ වගේ ඈත සිතිජයේ ඔබේ රූ මැවී තියේ මාසිතේ පුරා සුමුදු සිසිලසක්‌ දැනේ ඔබ සොයා ඇදී එන්න මට නැතේ හිමී අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ… ඔබ මා හමු වූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඇගේ ආදරේක වේදනා දැනේ කෙතරම් දවසක්‌ මා ඉන්නදෝ මේ වගේ දුකක්‌ සිතේ දරා සුළඟේ සැඟවී මා එන්නදෝ මාගේ ප්‍රියා වී සොයා…

11 thoughts on “Oba Ma Hamu Vu @ Tone Poem with Keerthi Pasquel & Nadeeka Guruge

  1. https://www.youtube.com/playlist?list=PLgQ0DgUl7a-rIUoI24R6P2UqlL-05LJam
    Tone Poem Full Program list(All Programs)

  2. https://www.youtube.com/playlist?list=PLgQ0DgUl7a-rIUoI24R6P2UqlL-05LJam
    Tone Poem Full Program list(All Programs)

  3. Udaya crishantha aiya great job thawa danna api asawen balana programme ekak 🤙🏼🤙🏼🤙🏼👍👍👍👍👍

  4. me song 1k me wage aluth vidihatakata ahuwamai.. niyami.. keerthi pasqual & nadeeka guruge… super… a wagema sangeethya.. niyamai.. kochchara ahuwath epa wenne naha.. 👍👍👍

  5. කමෙන්ට් ඒකක් දාන්නම ඔන. ඒත් මම මොනව කමෙන්ට් කරන්නද කියල මට හිතාගන්න බෑ. ඒත් ඒකක් නොකියාම ඉන්න බෑ…..අනේ මන්ද. සුපිරි. ‌වෙන දෙයක් කියල මේ රස‍ය අඩු කරවන්න බෑ මට. මේව අප්ලෝඩ් කරාට ගොඩාක් පින්.

  6. දිනේෂ්….ඇත්තටම මෙතන ඉන්න අනිත් අය වගේම ඔබත් විශිෂ්ටයි. ඇත්තටම ඔබ අවධානයට යොමුවිය යුතුම කෙනෙක් දිනේෂ්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *